ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය. එම ප්‍රකාශයදී ජනාධිපතිවරයා කියා සිටියේ […]

වර්ෂයකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන් ම ලියාපදිංචි විය යුතු බවත් එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයන් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑ ම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන් ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඊයේ (ජන. 17) සවස යටියන්තොට […]

2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක් වූ කරුණක් විය. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දකි. රජය මෙම බදු […]

භාණ්ඩ හා සේවා බද්ද 18%ක් දක්වා වැඩි කිරීම් සම්මත කිරීම සැමරීමට අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රියේ සාදයක් පවත්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. අග‍්‍රාමාත්‍යවරයා විසින් පවත්වන ලද මෙම සාදයට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතුරුන් විශාල පිරිසක් පැමිණ තිබූ බවත් ඔහු පාර්ලිමේන්තුවට සඳහන් කළේය. ජන […]

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මේ බව පැවසූවේ, අද (10) පාර්ලිමේන්තුවේදී එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ , බොරතෙල් වශයෙන් ගෙන එන […]

පසුගිය සඳුදා සන්ධ්‍යාවේ පැවති කැබිනට් මණ්ඩලයේදී වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඒ සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් ‍ෙදාස් කියන නමුත් රජය මෙම තීරණය නොගත්තේ නම් රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙන බව […]

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) දැනට පවතින සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (31) ප්‍රකාශ කළේය. කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් […]

දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව, එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් […]

වැට් බද්ධ (VAT) ක්‍රියාත්මක කිරීමත් සමඟ විශේෂයෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ හිමියන්ට දරාගත නොහැකි අන්දමින් වියදම් ඉහල යාම නිසා එම සේවාව පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බව එම වාහන හිමියන් අවධාරණය කර තිබේ. ළිහිසි තෙල්, බැටරි, ටයර් සහ අමතර කොටස් මිල විශාල වශයෙන් ඉහළ යාම […]

දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත. 12% ක්ව පැවති වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.