මොරටුව මහා නගර සභාවේ ජවිපෙ කල්ලිය කිපෙයි . . .

මොරටුව මහා නගර සභාවේ මාසික සභා රැස්වීම අද (21) විනාඩි 45 කට සීමා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත එජාප මන්ත්‍රී කණ්ඩායම සුභපැතුම් එක් කිරීමත් සමගම සභාවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය මත මාසික සභා රැස්වීම නතර කිරීමට මොරටුව නගරාධිපතිවරයා පියවර ගත්තේය.

එජාප මන්ත්‍රී කණ්ඩායම අභිනව ජනාධිපතිවරයාට සුබ පතද්දී ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම ඊට විරෝධය පල කිරීමත් සමගම සභාව උණුසුම් විය. ජවිපේ හා එජාප මන්ත්‍රීන් අතර වාග් ප්‍රහාර සිදු වෙද්දී නගරාධිපති සමන්ලාල් විසින් කමිටු යෝජනා සියල්ලම ඉදිරිපත් කරමින් සම්මත කරගත්තේය. පසුව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම එයටද විරෝධය දැක් වීමත් සමගම නගරාධිපතිවරයා සභාව කල් දැමීමට පියවර ගත්තේය.

මෙම මාසික මහා සභාව මීට පෙර දෙවරක්ම රැස්විමට නොහැකිව කල් දමා තිබූ අතර අද සභාව රැස් වුණත් සභාවේ කටයුතු කරගෙන යාමට ඉඩ නොලැබුණි .

ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන තුනක නිලධාරීන් මොරටුව මහ නගර සභාවෙන් පිටත ආරක්ෂාව සඳහා යොදවා තිබුණි.

දර්ශාන් කානිල්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු . . .

Thu Jul 21 , 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) වරෙන්තු නිකුත් කළේය. 2021 වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශියක් ලෙස කටයුතු කරමින් අයුතු අවහිරයක් සිදුකළේ යැයි කියමින් පොලීසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළව අද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවිනි. 2021 වසරේ කොටුව ප්‍රදේශයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x