ගෝඨාභය තවත් දින 14 ක් සිංගප්පූරුවේ . . .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටීමේ කාල සීමාව තවත් දින 14කින් දීර්ඝ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිංගප්පූරුවේ පලවන ස්ටේ‍්‍රට්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ මීට සති දෙකකට පමණ පෙර පෞද්ගලික සංචාරයක් සඳහා තම රටට පැමිණි ගෝඨාභය රාජපක්ෂට නිකුත් කරන ලද කෙටි කාලීන සංචාරක බලපත‍්‍රය අගෝස්තු 11 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව ඇති බවයි. පසුගිය ජූනි 9 වැනිදා ඇති වූ ජනතා විරෝධතා හමුවේ මාලදිවයිනට පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනතුරුව සිංගප්පූරුවට පැමිණ තිබුණා. කෙසේ වෙතත් එරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් පසුගියදා සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා හැකි ඉක්මනින් සිංගප්පූරුවෙන් ඉවත්ව යායුතු බවයි.

මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශී‍්‍ර ලංකාවෙන් පළා නොගිය අතර යළි නුදුරේදීම මෙරටට පැමිණෙනු ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පැතුම් කර්නර්ව අත්අඩංගුවට . . .

Thu Jul 28 , 2022
  බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව පැවසෙන සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 18 වෙනි දින ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි. ඉකුත් දහතුන් වෙනි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x