වැඩකරන්න බැරිනම් ගෙදර යන්න – රනිල්ගෙන් තර්ජනයක් . . .

මේ වනවිට පත්කර සිටින කැබිනට් මණ්ඩලයට තවත් විශාල පිරිසක් එක්කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින 8 වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයන්ට වැඩි බැරිනම් ගෙදර යන්නැයි තර්ජනය කර ඇත.

ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, “අප නිකන් පඩි ගෙවන්න ලෑස්ති නැහැ” යනුවෙනි. මේ වනවිට රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති තත්වයක් තුළ ඇමතිධුර විශාල වශයෙන් වැඩි කරමින් මහජන මුදල් කාබාසිනියා කිරීමක යෙදී සිටියි. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2002 – 2004 කාල පරිච්චේදයේද විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගෙන සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැය කරන නාස්තිකාරී මහජන මුදල් පිළිබඳව 2001 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ශික වාර්තාවේ කරුණු හෙළිකර තිබිණි. ඇමතිවරු 53ක් සහ නියෝජ්‍ය ඇමතිවරු 07 දෙනෙක් එදා රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පත් කරගෙන සිට ඇත. 2001 දෙසැම්බර් 05 පැවැත්වූ මහා මැතිවරණයෙන් ඔහුගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 109ක් ලැබී තිබිණි. එයින් අඩකට වැඩි ප්‍රමාණයක් (60ක්) ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු ලෙස පත්කර සිට ඇත.

එදා මෙන්ම නාස්තිකාර වියදම් දරමින් සිටින අතර පසුගිය 21වෙනි දින අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්ශව ශාලාවේ පවත්වන ලස දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් “වැඩකරනවානම් වැඩකරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් පඩි ගෙවන්න ලෑස්ති නැහැ.” යනුවෙන් රාජ්‍ය සේවකයන්ට තර්ජනය කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සංචාරකයන්ට ලබාදෙන වීසා කාලය දීර්ඝ කරයි . . .

Mon Aug 22 , 2022
සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම සඳහා සංචාරකයන්ට ලබාදෙන වීසා කාලය දින 270 සිට වසරක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. එසේම ඒ සඳහා වන ගාස්තු අයකිරීමේ ක්‍රමවේදය සරල කිරීමටත් විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබේ. සංචාරකයන්ගෙන් අයකරන වීසා ගාස්තුව නව තීරණයත් සමඟ අඩු කෙරේ. ඒ අනුව කලින් දින 180ක කාලයක් සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x