රිෂාඩ් බදියුදීන් නිදොස් කොට නිදහස් කෙරේ . . .

2015 වසරේ පැවති ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් 12,000කට අධික පිරිසක් පුත්තලමේ සිට සිලාවතුර දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් රැගෙන යාම සඳහා, නැවත පදිංචි කිරීමේ වැඩසටහනේ රුපියල් මිලියන 9.5 ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (ඔක්. 6) නියෝග කළේ ය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, දීර්ඝකාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සම්සුදීන් මොහොමඩ් යසීන් හා ගණකාධිකාරි මනෝ රන්ජන් යන විත්තිකරුවන් තිදෙනෙකු එසේ නිදොස් කොට නිදහස් කෙරිණි. නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට නීතිපතිවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දුන්නේ ය.

අක්මීමන දයාරතන හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබ තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් අද පාර්ලිමේන්තුවේ සිදු කල විශේෂ ප්‍රකාශය . . .

Thu Oct 6 , 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලිපීන සංචාරයෙන් රටට අත්වූ ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙහි දී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත ව ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එම ප්‍රකාශය සහ අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x