රාජකීය ගුරුමණ්ඩලය විදුහල්පතිට විරෝධය පායි . . .

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ එම විදුහලේ ගුරුවරයකුට තරවටු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ගුරු දිනය පැවැති ඉකුත් 6 වැනිදා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල් නවරත්නගේ දේශනයකට සාවධානව ඇහුම්කන් නොදුන්නේ යැයි කියමින් ගුරුවරයෙකුගේ අතින් අදිමින් වාඩි වන ලෙස තදින් ප්‍රකාශ කිරීම මීට හේතු වී ඇත. විදුහලේ ප්‍රධාන ශාලාවේ මෙම වැඩසටහන පවත්වා තිබේ.

විදුහල්පතිවරයා ගුරුවරයාගේ අතින් ඇඳීමේ සිදුවීමට විරෝධය පළ කරමින් ගුරුමණ්ඩලය පසු දිනයේ ඉගැන්වීමේ කටයුතු වලින්ද ඉවත්ව සිට ඇත. ඔවුන් යළි ඉගැන්වීම ආරම්භ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැමිණ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවට පොරොන්දු වීමෙන් පසුය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එකම දිනයක විශ්‍රාම යාම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය දරුණුවේ . . .

Mon Oct 10 , 2022
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය විශේෂඥ වෛද්‍යවරුන් 250 දෙනෙකු එකම දිනයක විශ්‍රාම ගැන්වීම නිසා සෞඛ්‍ය සේවා සැපයීම හා පශ්චාත් වෛද්‍ය පුහුණුවට එමගින් කිසියම් හෝ බලපෑමක් සිදු නොවන බවට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කරන ලැබූ ප්‍රකාශය හා එයට ප්‍රධාන මාධ්‍ය මගින් ලබා දුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x