මෑත භාගයේ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබන ලද ඉහළම නම්බු නාම ලබා ඇත්තේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ය. විද්‍යෝදය සහ සබරගමු විශ්වවිද්‍යාල දෙකෙන්ම පිරිනමන ලද ‘සාහිත්‍ය සූරී’ උපාධි, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ලද ‘සාහිත්‍ය චක්‍රවර්ති’ උපාධිය, උඩරට අමරපුර නිකායෙන් පිරිනමන ලද ‘ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය’ උපාධිය, ප්‍රාචීන සහ භාෂෝපහාර සමිතියෙන් පිරිනමන ලද ‘පණ්ඩිත’ […]

මිලදී ගැනීමට ඩොලර් නොමැතිකම හේතුවෙන් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත ‌බොරතෙල් නෞකාවක් දින 20 කට අධික කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තැබීමට සිදු වී ඇතැයි වාර්තා වෙයි. පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ කොරල් එනර්ජි නැමැති සමාගමකට අයත් බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 […]

අරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු මුවදොර ඊයේ (ඔක්. 9) විරෝධතාවක් පැවැත්විණි. ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් පොලිසිය විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබිණි. එහෙත් ඔවුන් ඊට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් උණුසුම් […]

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සන්තකයේ තිබී සොයා ගත් ජංගම දුරකතනය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ, එය “කුඩා ජංගම දුරකතනයක්” බවට හඳුනා ගෙන ඇති බවය. තවත් රැඳවි කාන්තාවක්ගෙන් සැකකාර තිළිණි ප්‍රියමාලිට අදාළ දුරකතනය […]

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සම්පත් බැංකුව සමග එක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සම්මත ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සැලසීම වෙනුවෙන් සංචාරක ඉන්ධන අවසර පත (Torurist Fuel Pass) හඳුන්වා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව දිවයිනට පැමිණෙන සංචාරකයෙකුට […]

2015 වසරේ සිට මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කර ඇති වාහන 446ක් රේගුවේ දකුණු ආසියා බහාලුම් අංගනයේ ගාල් කර ඇතැයි අද අනාවරණය විය. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ දී මෙම තොරතුරු හෙළිවිය.මින් සියයට 90% ක්ම නීති විරෝධී ලෙස එකලස් කර ආනයනය කර තිබේ. […]

ක්‍රිමියා අර්ධද්වීපයේ සිට රුසියාවේ ක්‍රස්නොදාර් පළාතට ප්‍රවිෂ්ඨ වීමට ඇති එකම පාලමේ ට්‍රක් රථ බෝම්බයක් පිපිරීමෙන් පසු නැවත වරක් පාලමේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර් තා කළේය. පාලමේ දිග කිලෝ මීටර 19 ක් වන අතර මෙම පාලම යුරෝපයේ දිගම පාලම ලෙසද සැලකේ. රුසියානු වේලාවෙන් සෙනසුරාදා උදෑසන 6 ට […]

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය විශේෂඥ වෛද්‍යවරුන් 250 දෙනෙකු එකම දිනයක විශ්‍රාම ගැන්වීම නිසා සෞඛ්‍ය සේවා සැපයීම හා පශ්චාත් වෛද්‍ය පුහුණුවට එමගින් කිසියම් හෝ බලපෑමක් සිදු නොවන බවට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කරන ලැබූ ප්‍රකාශය හා එයට ප්‍රධාන මාධ්‍ය මගින් ලබා දුන් […]

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ එම විදුහලේ ගුරුවරයකුට තරවටු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ගුරු දිනය පැවැති ඉකුත් 6 වැනිදා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල් නවරත්නගේ දේශනයකට සාවධානව ඇහුම්කන් නොදුන්නේ යැයි කියමින් ගුරුවරයෙකුගේ අතින් අදිමින් වාඩි වන ලෙස තදින් ප්‍රකාශ කිරීම මීට හේතු වී ඇත. විදුහලේ ප්‍රධාන […]

දැනට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ ඇති ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් දීර්ඝකාලීන බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර තිබේ. කදුරට, රුහුණු, වයඹ, රජරට ඇතුළු ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් මෙසේ ලබාදීමට යෝජිතය. මෙම මධ්‍යස්ථාන පෞද්ගලික ආයෝජකයන්ට ලබා දුන්නද එකම ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට සැලසුම් සකස් කරමින් සිටියි. මේ වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.