මුහුදේ පාවෙන බොරතෙල් නැව . . .

මිලදී ගැනීමට ඩොලර් නොමැතිකම හේතුවෙන් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත ‌බොරතෙල් නෞකාවක් දින 20 කට අධික කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තැබීමට සිදු වී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ කොරල් එනර්ජි නැමැති සමාගමකට අයත් බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 ක මුදලක් නොමැති වීම හේතුවෙන් දින විස්සක් තිස්සේ රැඳී සිටීමට සිදුවී ඇතැයි වාර්තා වෙයි.

එම නෞකාවට දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් අධික මුදලක්ද ගෙවීමට සිදුවී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආනන්ද මෛත්‍රෙය නාහිමියන් නායක පදවි දැරීම එදා මෙසේ වදාළහ . . .

Mon Oct 10 , 2022
මෑත භාගයේ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබන ලද ඉහළම නම්බු නාම ලබා ඇත්තේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ය. විද්‍යෝදය සහ සබරගමු විශ්වවිද්‍යාල දෙකෙන්ම පිරිනමන ලද ‘සාහිත්‍ය සූරී’ උපාධි, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ලද ‘සාහිත්‍ය චක්‍රවර්ති’ උපාධිය, උඩරට අමරපුර නිකායෙන් පිරිනමන ලද ‘ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය’ උපාධිය, ප්‍රාචීන සහ භාෂෝපහාර සමිතියෙන් පිරිනමන ලද ‘පණ්ඩිත’ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x