අරගලකරුවන් සිහි කිරීමට පොලිසියේ විරෝධය . . .

අරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු මුවදොර ඊයේ (ඔක්. 9) විරෝධතාවක් පැවැත්විණි. ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් පොලිසිය විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබිණි. එහෙත් ඔවුන් ඊට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් හටගත් අතර ඉන් අනතුරුව එහි සිටි සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියර ගෙන තිබිණි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සිවු දෙනා අද (ඔක්. 10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුහුදේ පාවෙන බොරතෙල් නැව . . .

Mon Oct 10 , 2022
මිලදී ගැනීමට ඩොලර් නොමැතිකම හේතුවෙන් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත ‌බොරතෙල් නෞකාවක් දින 20 කට අධික කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තැබීමට සිදු වී ඇතැයි වාර්තා වෙයි. පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ කොරල් එනර්ජි නැමැති සමාගමකට අයත් බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x