සනත් නිශාන්ත විපක්‍ෂ නායකට ගහන්න පනී . . .

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් නොසන්සන්සුන් තාවයක් හේතුවෙන් සභාව විනාඩි කිහිපයකට කල් තැබීබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන  අද කටයුතු කළේය.

ඒ ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්වයක් මතයි.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අය ආර්ථිකයට කළ විනාශයට පාඩුව ඔවුන්ගෙන් අයකරගත යුතු බවද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ අතර ආර්ථිකය බංකොලොත් කළ ඔවුන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ජීවත් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

ඒ සමගම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමට පටන් ගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත ඇතුළු පිරිසක් විපක්ෂ නායකවරයා දෙසට ගමන් කළේය.

ඉන් අනතුරුව සභා කල් තැබීමට කතානායකවරයා  කටයුතු  කළේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නසීර් අහමඩ්ට ආණ්ඩුකාර ධුරයක් . . .

Tue Nov 21 , 2023
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දීම හේතුවෙන් තමන් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවී වී ගිය හිටපු ඇමති නසීර් අහමඩ්ට ආණ්ඩුකාර ධුරයක් ලබා දීමට නියමිත බව වාර්තා වේ. ඔහුට නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ලබා දීමට සූදානම් බවත් මේ වනවිට නැගෙනහිර ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන සෙන්දිල් තොණ්ඩමන් ඌව පළාත් ආණ්ඩුකාර ධුරයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x