අපි බදු ගෙවන්නේ නෑ, ජනතා පෙලගැස්මක් . . .

“අපි බදු ගෙවන්නේ නෑ” කියන ජනතා ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්නට ආණ්ඩුවට නොහැකි යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“අය-වැයක්” කටමුල තියාගෙන ආණ්ඩුව දැන් මේ විදිහට බදු ගහන්නේ ඉදිරි අය-වැයෙන් බදු පිට බදු පනවන්න බව අපි ජනතාවට අවධාරණය කරනවා. ඔක්තෝබර් මාසයේ මේ බදු පනවලා නොවැම්බර් මාසයේ එන අය-වැයෙන් අලුත් බදු පනවනවා. නමුත් ආණ්ඩුව ජනතාව මුළා කරන්න ඉතා සුළු බද්දක් පනවන බව කියාවි.

නමුත් ඇත්තටම සිදුවන්නේ මේ බද්ද නිසා වැඩි වුණු භාණ්ඩ මිල මත තවත් බද්දක් පැනවීමයි. ආණ්ඩුව මේ සූදානම් වන්නේ දැවැන්ත බදු පීඩනයක් මහජනතාව මත පටවන්නයි. එහි ආරම්භය දැන් පටන්ගෙන තිබෙනවා. ලෝකයේ කිසිදු රටක නැති බදු ක්‍රියාවලියක් ලංකාවේ තිබෙනවා. එකම වර්ගයේ බදු ගණනාවකින් බදු පිට බදු පනවනවා. වරාය ගාස්තු, තීරු බදු, නිෂ්පාදන බදු ඇතුළු විවිධාකාරයේ බදු පනවනවා. මේ නිසා බදු වංචනිකයන්ට අවස්ථා ගණනාවකදී බදු පැහැර හැරීමේ ඉඩකඩ ලබාදී තිබෙනවා.

බදු හොරුන්ට විශාල වශයෙන් ඉඩකඩ සකස් කර දී තිබෙනවා. රජයට ලැබෙන්න ඕන ආදායම් නොගෙවා පැහැර හැරීම් ගැන වැට් බදු වංචා නඩු මේ වන විටත් උසාවියේ පවතිනවා. සුපිරි නිවාස බද්ද, කැසිනෝ බද්ද වගේ අය-වැයෙන් පනවන ලද අයකර ගත හැකි සහ අයකර ගත යුතු අයගෙන් අයකර නොගෙන බදු පැහැර හැරීමට ඉඩදී තිබෙනවා. එහෙම තත්ත්වයක් තුළ බදු පරාසය වැඩි කර ජනතාව මත තව තවත් පීඩනය හෙළා බෙල්ල මිරිකන්න ක්‍රියා කර තිබෙනවා.

ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන හොරු වර්ග ගණනාවක් ඉන්නවා. ජනතාවගේ මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන මොහොතේ සිට බදු පනවනවා නම් ග්‍රාමීය ජනතාව අතරේ සිටින කුඩා තේ වතු හිමියාට පවා බද්දක් වදිනවා. බදු අය කරන පදනම් සීමාව රුපියල් ලක්ෂයක් බව ඉලක්කම්වල තිබුණාට මේ ලක්ෂයේ අද ඇත්ත වටිනාකම විශාල වශයෙන් බිඳ වැටී තිබියදී බදු ගෙවන්නත් සිදුවෙනවා. දරුවන්ට ආහාර වේල ලබාදෙන්නේ කොහොමද කියලා කල්පනා කරමින් ඉන්න බහුතර ජනතාවක් මත අලුත් බදු බර පටවා තිබෙනවා. මේ තත්ත්වය මත “අපි බදු ගෙවන්නේ නෑ.” කියන ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්න ආණ්ඩුවට බැහැ. මේ වගේ සටන් පාඨයක් අතිශය සාධාරණයි.

අනුරාධා හේරත්
Mawbima

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 1,500 ක් වංචා කළ චීන ජාතික යුවල අත්අඩංගුවට

Fri Oct 14 , 2022
‘ස්පොට් චේන්’ නම් පිරමිඩ ආයෝජන ක‍්‍රමයක් හරහා මෙරට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 1,500 ක් පමණ මුදලක් වංචා කළ යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපලෙන් මැලේසියාව බලා ගුවන් ගතවීමට උත්සාහ කර තිබෙන අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික යුවලකි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විසි එක් වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x