ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුව ඉහළට . . .

ලබන මස 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුව ඉහළ නංවා ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඊයේ (13) නිකුත් කළ අතර එහි දැක්වෙන්නේ රුපියල් 100/= ක් ව පැවති නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 200/= දක්වා ඉහළ නංවා ඇති බවත්  සංශෝධනය කර යළි ලබාගන්නා හැඳුනුම්පත් සඳහා රුපියල් 250/= ක් ව පැවති ගාස්තුව රුපියල් 500/= ක් දක්වා ඉහළ නංවා ඇති බවත් ය. අස්ථානගත වීමෙන් පසු යළි හැඳුනුම්පතක් ලබාගැනීමේ දී අය කෙරෙන ගාස්තුව රුපියල් 500/= කින් ඉහළ නංවා ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අත්තනගලු පිටාර ගැලීමෙන් පහත් බිම් ජලයෙන් යටවේ . . .

Fri Oct 14 , 2022
දෙදිනක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අත්තනගලුඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ගම්පහ සිට ජාඇල දක්වා ප්‍රදේශයන්හි පහත් බිම්වල පදිංචිකරුවන් විමසිලිමත් විය යුතු බව ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත දැනුම් දීමක් කරයි. අද සවස ගම්පහ නගරයට ප්‍රවිශ්ඨවන මාර්ගය කිහිපයක්ම ජලයෙන් යටව පැවතීම හේතුවෙන් ගමනා ගමනයට බාධා සිදුව තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x