පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ දැඩි අවදානමක් . . .

අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. දියවන්නා ඔයේ ජලය වේගයෙන් වැඩිවෙමින් පවතින නිසා වැසි තත්ත්වය ඉදිරි දිනවල දිගින් දිගටම පැවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවයි නාවික හමුදාව කියා සිටින්නේ.

මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා දියවන්නා ඔය සීමාවේ වැලි කොට්ට ඇතිරීමට යුද හමුදාව දැනටමත් කටයුතු කර ඇත. මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ පහළ මහලේ පිහිටි කාමරවල බඩු භාණ්ඩ සියල්ල ද ආරක්ෂක පියවරක් ලෙස එහි පළමු මහලට රැගෙන ගොස් තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේ කැළණිය විශ්වවිද්‍යාලය අසලින් විරෝධතා පා ගමනක් . . .

Tue Oct 18 , 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන්  කොළඹ – නුවර මාර්ගය කැළණිය විශ්වවිද්‍යාලය අසළින් වසා දමා තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනු යි ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x