අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. දියවන්නා ඔයේ ජලය වේගයෙන් වැඩිවෙමින් පවතින නිසා වැසි තත්ත්වය ඉදිරි දිනවල දිගින් දිගටම පැවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවයි නාවික හමුදාව කියා සිටින්නේ. මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු පරිශ්‍රයට […]

පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් V8 රථය තමන් සොරකම් නොකළ බව කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර පවසන්නීය. මේ අතර, මුරුත්තෙට්ටුවේ හිමිගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරයක් පාඩු ලැබීමෙන් පසු අදාළ රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස උන්වහන්සේම තමන්ට ලබාදුන් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. නාගරික මන්ත්‍රීවරිය මේ බව […]

වවුනියාව බෝගස්වැව මධ්‍යමහ විද්‍යාලයේ සිසුන් 45 ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් අද (17) දින රෝහල් ගත කළ බවට බෝගස්වැව පොලිසිය කියයි. අද උදෑසන රැස්වීම පැවති අතරතුර බඹරුන් දෂ්ඨ කොට ඇති අතර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් දෙදෙනකු හා එක් ගුරුවරයකු දැඩි ලෙසින් අසාධ්‍ය තත්වයෙන් සිටි බවද පොලිසිය පැවසීය. […]

මෙරට වෙළඳ පොලේ භාවිතා කරන ලද වාහන මිල ගණන් දිනෙන් දින පහළ බසිමින් ඇතැයි වාහන අලෙවිකරුවන් කියා සිටිති. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය නවතා දැමීමත් සමග නොවටිනා මිලගණන් වලට භාවිතා කළ වාහන අලෙවි කිරීම, ලීසිං සමාගම් සිය පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ දැමීම, අමතර කොටස් හිගය […]

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මෙම මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර ඇත. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට අපහාස වන ලෙස පත්තරේ විස්තරේ වැඩසටහන මෙහෙයවූ බවට චෝදනා කරමින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ. තමාට සිදු වූ අලාභය වෙනුවෙන් චමුදිත […]

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, එම ධුරයෙන් නෙරපා දැමීමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති බවත්, ඉදිරි දින කීපය අග්‍රාමාත්‍යවරියට තීරණාත්මක වනු ඇති බවත්, ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය පවසයි. තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා පාලක කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලිස් ට්‍රස් අනතුරු අඟවමින් පවසාඇත්තේ, තමන් බලයෙන් නෙරපා දැමීමට ගන්නා උත්සාහය මහ […]

පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් ප්‍රකාශ කළේය. ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ජයරුක් පැවසීය. දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් […]

කොත්මලේ කෝවිලකින් දේව ප්‍රතිමාවක් සොරා ගෙන බස් රථයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක් ඊයේ (17) රාත්‍රීයේදී අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සඳහන් කරයි.  වත්තල ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම කාන්තාව 42 හැවිරිදි එක්දරු මවකි. වත්තල ප්‍රදේශයේ පදිංචි පිරිසක් සංචාරයක ගිය අවස්ථාවේ කොත්මලේ පිහිටි කෝවිලකට ගොස්  වන්දනාමාන කරමින් සිටියදී මෙම දේව ප්‍රතිමාව […]

ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පැවසීය. බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල 4%  ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩු වියයුතු බවත් රුපියල් 430/= ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියක් 15/= කින් අඩු කිරීමට සියයට 4% කට […]

ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ  මහාචාර්යවරුන් සිව් දෙනකු තේරි තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, එම විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ පරපොෂවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න සහ ඖෂධවේදී අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.