තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරු ඉසුරු බණ්ඩාර . . .

මූල්‍ය වංචා විත්තිකාරිනී තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරුවා බව කියන ඉසුරු බණ්ඩාර හෙට (19 දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඔහු අද කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉසුරු බණ්ඩාර සඳුදා (ඔක්. 17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. තිකෝ ගෲප් ඔෆ් කම්පැනීස් (පෞද්ගලික) සමාගමේ හිමිකරු මේ මස මුලදී අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් කෝටි 100 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන චෝදනාව මතයි.

මේ අතර ප්‍රියමාලි සම්බන්ධ මූල්‍ය හෝ දේපළ ජාවාරම්වලට හසුවන ඕනෑම පුද්ගලයකුට ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජල සැපයුම් ගාස්තුව 70% ඉහළ දමයි . . .

Tue Oct 18 , 2022
නව ජල සම්බන්ධතා ගාස්තු අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව ඒ අනුව 70%  කින් ඉහළ දමා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x