රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරු ලංකාවට . . .

රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් වූ එක් වරදකරුවෙකු වන සාන්තන් වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පහසුකම් සලසමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුට හදිසි සංචාරක ලේඛනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැනට තිරුචිරප්පල්ලි මධ්‍යම බන්ධනාගාරයේ විශේෂ කඳවුරේ රඳවා සිටින සාන්තන් පසුව නිලධාරීන් විසින් තිරුචිරප්පල්ලි අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත රැගෙන යනු ඇති බව The New Indian Express (TNIE) වාර්තා කරයි.

සාන්තන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඔහුට කලින් තාවකාලික ගමන් ලියවිල්ලක් නිකුත් කර ඇති අතර දැන් ඉන්දියාවේ විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය (FRRO) පිටවීමේ බලපත්‍රයක් ලබා දී ඇත.

“සාන්තන් ටිකට් එක වෙන්කරගත්තම එයාව පිටුවහල් කරනවා. ඔහුව ගුවන් තොටුපළ දක්වා රැගෙන යන ලෙස දිස්ත්‍රික් පරිපාලනයට උපදෙස් දී තියෙනවා” දිස්ත්‍රික් කලෙක්ටර් සහ තිරුචිරප්පලි දිස්ත්‍රික් මහේස්ත්‍රාත්, එම් ප්‍රදීප් කුමාර් උපුටා දක්වමින් TNIE වැඩිදුරටත් වාර්තා කර තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සාගලගේ අයියාට රජ පුටුවක් . . .

Sat Feb 24 , 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් තිබෙන බව හෙළිවේ. ඔහුට මෙම ධුරය ලබා දෙන්නේ දැනට සිටින සභාපති ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා ඉල්ලා අස්වීමට සැලැස්වීමෙන් ය. රෝලන්ඩ් පෙරේරා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස මේ වනවිට නම් කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x