සජිත් – තොණ්ඩමන් එකම වේදිකාවක . . .

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේදි (30) දින සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රධාන කාර්යාලය විවෘත කල අවස්තාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් සහභාගි විම පක්ෂ දෙකේම සෙසු නායකයින්ගේ විවෙචනයට ලක් වි ඇත.

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායක සහ නියෝජ්‍ය නායකයෙකු විසින් එම සන්ධානයේ සෙසු නායකයින් සමග සාකච්ඡා නොකර ඔහුන්ගේ අභිමතය පරිදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාට උත්සවයට සහභාගි වන ලෙස ආරාධනා පත්‍රයක් ලබා දි ඇත. උත්සවය පැවැත් වු අවස්තාවේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා එම උත්සවයට සහභාගි වන බව දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායකයා විසින් තමන්ව දැනුවත් කල බවත්, ඒ අනුව එම උත්සවයේ මද වේලාවක් රැදි සිට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා උත්සවයට සහභාගි විමට ප්‍රථම දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායකයෙකු සහ පා.ම දෙදෙනෙකු එම උත්සව ශාලාවෙන් පිටව ගොස් ඇත. නියෝජ්‍ය නායකයා සහ පා.ම පිටව යාමත් සමග ඔහුන්ගේ ආධාරකරුවන්ද පිරිසක්ද උත්සව ශාලාවෙන් පිටව ගොස් ඇති බවයි දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ සමාජිකයෙකු කියා සිටියේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා එම උත්සවයට සහභාගි විම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේද ජෙෂ්ඨ නායකවරුන් කිහිප දෙනෙකුගෙන් එයට විරෝධය පල කර ඇති අතර, දමිල ප්‍රගිතිශිලි සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය එකට එක් වි ඉදිරියේදි කටයුතු කිරිම ඉන්දිය රජයේ අවශ්‍යතාවයක් මත සිදු වු දෙයක් බවයි දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ සමාජිකයෙකු කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තීරුබදු රහිතව පිටකල සුඛෝපභෝගී ජීප් රථය පොලිස් භාරයට . . .

Mon Oct 31 , 2022
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍ය පදවිය දරන අවධියේදී තීරුබදු රහිතව ආනයනය කළ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් ගාල්ල නගරයේදී පොලිස් භාරයට ගෙන එය පදවාගෙන පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම අවස්ථාවේදී ජීප් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x