චන්ද්‍රිකාගේ ආරක්‍ෂක භටයෙක් පැහැරගනී . . .

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකුව පැහැරගෙන ගොස් නිවසක සිරකර තබාගෙන රුපියල් 40,000/=ක මුදලක් කොල්ලකෑ බවට වේයන්ගොඩ පොලීසියට ලද සැකකටයුතු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම පැහැර ගැනීම සිදුවූයේ යැයි කියනුයේ පසුගිය 02 වෙනිදාය. වේයන්ගොඩ පොලීසියට ඔහු පැමිණිලිකර ඇත්තේ වේයන්ගොඩ පිහිටි නිවසේ සිට සිය මස්සිනා සමඟ යතුරු පැදියකින් වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙත එදින පැමිණි බවය. වේයන්ගොඩින් දුම්රියට ගොඩවී මරදානෙක් බැස පාගමනින් යමින් සිටියදී ගාමිණි හෝල් හංදිය ආසන්නයේදී නිල්පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ගාලුපාර දෙසට යන්නේ කෙසේදැයි තමාගෙන් විමසූ බව ඔහු සඳහන් කරයි. ඊට පිළිතුරු දෙන අතර වෑන් රථයෙන් බැස ගත් අයෙක් තමාව වෑන් රථයට ඇද දමාගෙන දෑස් බැද රැගෙන ගිය බව ඔහු පොලිසීයට පවසා තිබේ. තමාව නිවසකට රැගෙන ගිය බවත් කන්න බොන්න පවා දුන් බවත් ඔහු පොලීසියට කියා ඇත. එදින රැය එම නිවසේ ගත කළ බවත් උදෑසන යම් පුද්ගලයෙක් “ උඹලට හරියට වැඩක් කරන්න දන්නේ නැහැ. ගේන්න කියපු එකාව නෙමෙයිනේ ගෙනත් තියෙන්නේ.“ යැයි පවසමින් තමාව නැවත ගිහින් දාන්නයැයි කී බවද මෙම සැරයන්වරයා වේයන්ගොඩ පොලීසියට පවසා තිබේ.

එහිදී තමා සතුව තිබුණු රුපියල් 40,000/=ක මුදලක් ලබාගෙන නැවතත් දෑස් බැද වාහනයක දමාගෙන ගොස් අතහැරිය බවත් සොයා බැලීමේදී තමාව දමාගොස් තිබුණේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් බවත් ඔහු පවසයි. මුදල් අතේ නොතිබුණු බැවින් සිය බිරිදට දුරකතන ඇමතුමක් දී බැංකුවට රුපියල් 10,000/=ක් දමාගෙන එය ඒ.ටී.එම්. කාඩ්පතින් ලබාගෙන නිවසට පැමිණි බවද ඔහු පවසයි. සැරයන්වරයාගේ බිරිද 02 වෙනිදා සවස සිය සැමියා අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් කර තිබුණු බව පොලීසිය කියයි. ඒ උදෑසන රාජකාරි සඳහා ගිය සිය සැමියාගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වී ඇති බව සඳහන් කරමිනි.

ආරක්ෂක කැමරා දත්ත විමර්ශනය කරමින් මෙම පැමිණිල්ල ගැන විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩලස් පිළ දෙකට බෙදේ . . .

Mon Nov 7 , 2022
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මතවාදී වශයෙන් දෙකට බෙදී ඇති බව වාර්තා වෙයි. ඒ ඉදිරි මැතිවරණ වලදී තම කණ්ඩායම සන්ධානගත වන වන්නේ කවර කණ්ඩායමක් සමගද යන සාකච්ඡාව මතයි. එක් මන්ත්‍රී පිරිසක් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණයකදී සමගි ජන බලවේගය සමග සන්ධාන ගත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x