ජනපති පැය එකහමාරක විශේෂ සාකච්ඡාවක් . . .

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අවධාරණය කර සිටිනවා.

ජනාධිපතිවරයා සමඟ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්, ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී ඇත්තේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තම පක්ෂය සමඟ තනිව සාකච්ඡා කළ යුතු බවයි.

අදාළ සාකච්ඡාව පැය එකහමාරක පමණ කාලයක් පැවැත්වූ බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කැතේ ෆැසිපික් ගුවන් සේවය යළිත් කටුනායකට . . .

Fri Feb 2 , 2024
කොවිඩ් වසංගත සමයේ  එනම්  2020 මාර්තු මාසයේ සිට  තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම්  අත්හිහිටුවා තිබූ කැතේ ෆැසිපික් ගුවන් සේවාව , යළිත් තම ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (01) දින සිට සක්‍රීය කරමින් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ඒ අනුව සතියේ  සෑම  අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x