අලි සබ්‍රි රහීම් හදිසියේම ඩුබායි යයි . . .

පෙරේදා (25) රාත්‍රියේ, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සංචාරයක් සඳහා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා ය.

රුපියල් කෝටි හතහමාරකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ ජංගම දුරකථන අනූ එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ප්‍රභූ පර්යන්තයෙන් පිටවීමේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැණුන අතර ඔහු රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් මත නිදහස් කරන ලද්දේ පසුගිය දිනෙක ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් ඊයේ (26) පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් ගෙන ආ එම යෝජනාව ස්ථිර කර ඇත්තේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ය.

එමෙන්ම එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර ඇති අතර ඒ අනුව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් වෙතට යොමුකිරීමට පක්ෂ නායක රැස්වීමේ දී එකඟත්වය පළ වූ බව සඳහන් වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රියදුරු නොමැතිව ධාවනය වූ බස් රථයේ මගීන්ගේ දිවි බේරූ තරුණයා . . .

Sat May 27 , 2023
මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු දොර ඇරී ඉවතට විසිවී බස් රථය රියදුරු නොමැතිව වේගයෙන් මාර්ගයෙන් ඉවතට පැන ගමකරමින් සිටි අවස්ථාවක ක්ෂණිකව රියදුරු අසුන අසල ආසනයේ අසුන් ගෙන සිටි  දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ තරුණයෙකු රියදුරු අසුනට පැන තිරිංග පාගා විශාල ප්‍රපාතයක් ආසන්නයේ දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x