කෝටි දෙකක රන් භාණ්ඩ අස්ථානගතවේ . . .

පොලිස් භාරයට ගත් කණ්ඩායමක් සතුව තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් සහ විදේශීය මුදල් තොගයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් නිළධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ලක් කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි කාන්තාවන් 06 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සතුව තිබූ පවුම් 06 බැගින් වූ විශාල ප්‍රමාණයේ වළලු 04ක් සහ ග්‍රෑම් 140ක් බර මුදු 04ක් මෙන්ම ඩොලර් 3,500ක මුදලක් එලෙස අස්ථානගතවී ඇත. ඒ බව බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් සිව්දෙනාගේ වැඩ තහනමට ලක්කර තිබේ. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි කාන්තාවන් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කිසියම් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන බවට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව එම වැටලීම සිදුකර ඇත.

කටුනායක ගුවන්තොටුපොළේ සිට අදාළ වෑන් රථය හඹාගොස් තිබූ නිලධාරීන් ජා ඇළ ප්‍රදේශයේදී මඟ හරස්කර එහි සිටි කාන්තාවන් 06දෙනා සහ පිරිමි පුද්ගලයන් දෙදෙනාව සිය භාරයට ගෙන තිබේ. පසුව ඔවුන්ව පෑලියගොඩ පිහිටි කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන් සතුව තිබූ මෙම භාණ්ඩ පොලිස්භාරයට ගෙන ඇත.

අනතුරුව වෑන් රථය සහ ඔවුන්ගේ ගමන් බෑග් සියල්ල දැඩි පරීක්ෂාවකට ලක්කර තිබුණ ද කිසිදු මත්ද්‍රව්‍යක් හමුවී නොමැත. ඒ අනුව, ඔවුන් රැගෙන ආ භාණ්ඩ නැවත ලබාදී පිටත් කර යැවීමට නිලධාරීන් කටයුතු කර තිබේ. එම සිද්ධියෙන් පැය කිහිපයකට පසු කරන ලද පැමිණිල්ලක් අනුව මෙම වැඩ තහනම සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් . . .

Sat Nov 12 , 2022
සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක ප්‍රමාණයක් ළඟ තබාගත් අයෙකු වේ නම් ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවමට හෝ මරණ දඬුවමට යටත් වෙයි. එනම්, තරුණ ජීවිත විනාශ කරමින් සමාජය වෙළාගත් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය මුදාගැනීම සඳහා නව නීති බලාත්මක කිරීමට රජය මේ වනවිටත් පියවර ගෙන තිබේ. විශේෂඥ මනෝ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x