සභාපති හිමිගේ සෙරප්පු පහරින් උප සභාපති රෝහලේ . . .

බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අවසානයේ සභාපති කරගහවෙළ නන්දවිමල හිමි සිදු කළ බව කියන පහරදීමකින් උප සභාපති රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි. බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුනිල් වසන්ත එදිරිසිංහ (ශ්‍රී.ල.නි පක්ෂය) සභාපති හිමිගේ පහරකෑමට ලක්වීමෙන් පසු බණ්ඩාරවෙළ රෝහළට ඇතුලත් වී නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති 16 දින සභාව නිමවී මන්ත්‍රිවරුන් පිටවී යද්දී සභාපති හිමි සෙරප්පුවකින් දිගට හරහට පහර දුන් බවත් එයින් රෝගී වුන බව කියමින් උප සභාපතිවරයා බණ්ඩාරවෙළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉන් පසුව රෝහල් ගතව ඇති බව බණ්ඩාරවෙළ පොලිස් අධිකාරි බී.එම්.එම් දසනායක පැවසීය.

සභාපති කරගහවෙළ නන්දවිමල හිමියෝ මෙසේ පැවසීය,

“උප සභාපති මට සභාව කරගෙන යන්න දෙන්නේ නෑ මම එයාට ගැහුවේ නෑ, බහින් බස්වීමක් වුනා විතරයි, බොරුවට රෝහලට ගිහින්, එයා සභාවේ දුෂණ වංචා සිදුවනවා කියලා ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයාට ලිපි යවලා, මම පොහොට්ටුවේ, එයා බුලත් කොළේ, එයාට ඕනි වෙළා තියෙන්නේ සභාවේ බලය ගන්න එයත් එක්ක ඉන්නෙත් මන්ත්‍රිවරු දෙන්නයි”.

  • ප්‍රසන්න පත්මසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාසල් සිසුන්ගේ දිවා ආහාරය රජයෙන් . . .

Wed Nov 16 , 2022
ජනවාරි මාසයේ සිට මුළු රටම ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරනවා. ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (15) කොටහේන කුමර විදුහලේ සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින්. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බව අමාත්‍යවරයා මීට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x