මෙරට කාන්තාවන් ඕමානයේදී ගණිකාවන් ලෙස අලෙවි කෙරෙන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණයවීමෙන් පසු ඕමාන් සහ ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව යෑම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තහනම් කර තිබේ. අද (19) පාර්ලිමේන්තුවේදී විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පැවසුවේ අදාළ වැරදිකරුවන්ට […]

විනෝදයට, යතුරුපැදි ඒ මේ අත පදවමින් සිටි තරුණයන් දෙදෙනකුගේ යතුරුපැදි මොරන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී ඊයේ (18) මධ්‍යම රාත්‍රියේදී මුහුණට මුහුණ ගැටීමෙන්  තරුණයන් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මොරන්තුඩුව පොලීසිය සඳහන් කරයි. අනතුරින් මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය  පනාපිටිය පාර  පදිංචිව සිටි යසිරු සම්පත් ප්‍රනාන්දු  හා  වාද්දුව දෙල්දූව අරියගම පදිංචිව සිටි සංදේශ් සුලෝචන පියරත්න නමැති 18 හැවිරිදි තරුණයන් […]

මහලු මවක් මහමඟ දමා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි. මෙම සිද්ධිය සිදුවී තිබුණේ රත්නපුර නගරයේ යම් ස්ථානයකදීය. ත්‍රීරෝද රථයකින් මහලු මවව රැගෙන විත් මාර්ගයක් අසල ඇයව දමා ඔවුන් ත්‍රීරෝද රථයෙන් පළාගොස් තිබුණි. පසුව රත්නපුර පොලීසිය විසින් ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඇය මේ වනවිට කලවාන වැඩිහිටි නිවාසයකට […]

ප්‍රධාන ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කළ හැකි වුවහොත් කුස්සියේ ප්‍රශ්නය විසදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.  ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණය, හිල්ටන් හෝටලය විකිණිය හැකි නම් එම ප්‍රශ්නය විසදිය හැකි බවයි.

හෙරොයින් ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු හා කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2600 ප්‍රමාණයක්ද කාන්තාවන් ළඟ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 2500 ක ප්‍රමාණයක් ද හමුවූ බව පොලිසිය කියා සිටී. සැකකාර මන්ත්‍රීවරයා මීට […]

විවිධ තරාතිරම්වල පුද්ගලයන් දස දහසකට අධික පිරිසක් සූක්ෂම ලෙස රවටා අන්තර්ජාලය ඔස්සේ කර ඇති රුපියල් කෝටි දෙදහසකට ආසන්න වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සියයට හතළිහේ සිට සියයට අනූව දක්වා දැවන්ත පොලී මුදල් ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල සම්මන්ත්‍රණ පවත්වමින් වසර දෙකකට ආසන්න කාලයක් […]

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට යළි පත් කිරීම සඳහා අභ්‍යන්තර දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව නඩු තුනක් විභාග වීම වැනි කාරණා නිසා තව දුරටත් පක්ශ නායකත්වයේ සිටිය නොහැකි බව මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ නිවසේ දී මෙම සාකච්ඡාවට නිමල් […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි විරෝධතාවයක් අද වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ පැවතිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරු පලාතේ සංචාරයක නිරත වෙමින් සිටි අතරතුරදී විරෝධතාවය සංවිධානය කර තිබින. මෙම විරෝධතාවයට සහභාගී වූයේ යුද සමයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසකි. ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත්වීමට කටයුතු කලද පොලීසිය මැදිහත් වී ඔවුන් ඉවත් කිරීමට […]

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික 10 හැවිරිදි අරියානා දඹරවැවහේවගේ දැරිය පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමුව ඇත. අරියානා දැරිය ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි (අයි.කිව්) මට්ටම ඉක්මවා යාම හේතුවෙන් මෙසේ ලෝකයේම අවධානය ලබා ගැනීමට සමත්ව තිබේ. අරියානා තම දෙමව්පියන් සමග හඩර්ස්ෆීල්ඩ් නගරයේ ජීවත් වෙයි. හඩර්ස්ෆීල්ඩ් හි ශාන්ත පැට්‍රික් කතෝලික පාසලේ […]

අමෙරිකාවේ පරිගණක මෘදුකාංග ඉන්ජිනේරු උපාධිධාරියෙකු වන 25 හැවිරිදි පුද්ගලයකු සොරකම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාරාහේන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිගෑම් 800ක් පොලිසිය භාරයට ගෙන ඇත. කොල්ලකෑම් 25ක් සහ සොරකම් 6ක් සිදුකර රුපියල් කෝටියක පමණ දේපළ කොල්ලකා ඇති සැකකරුගෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.