චන්ද්‍රිකා යළි නායකත්වයට . . .

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට යළි පත් කිරීම සඳහා අභ්‍යන්තර දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව නඩු තුනක් විභාග වීම වැනි කාරණා නිසා තව දුරටත් පක්ශ නායකත්වයේ සිටිය නොහැකි බව මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ නිවසේ දී මෙම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර ඇතුළු පක්ෂයේ ඉහළ නිලධාරීන් සහභාගී වී ඇතැයිද වාර්තා වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තර්ජාල මුදල් වංචාව . . .

Sat Nov 19 , 2022
විවිධ තරාතිරම්වල පුද්ගලයන් දස දහසකට අධික පිරිසක් සූක්ෂම ලෙස රවටා අන්තර්ජාලය ඔස්සේ කර ඇති රුපියල් කෝටි දෙදහසකට ආසන්න වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සියයට හතළිහේ සිට සියයට අනූව දක්වා දැවන්ත පොලී මුදල් ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල සම්මන්ත්‍රණ පවත්වමින් වසර දෙකකට ආසන්න කාලයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x