හෙරොයින් ජාවාරමේ යෙදුණු මන්ත්‍රීවරයා . . .

හෙරොයින් ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු හා කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2600 ප්‍රමාණයක්ද කාන්තාවන් ළඟ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 2500 ක ප්‍රමාණයක් ද හමුවූ බව පොලිසිය කියා සිටී. සැකකාර මන්ත්‍රීවරයා මීට පෙර අවස්ථා ගණනාවකදීම සොරකම් හා වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා ඇප ලබා සිටි අයකු බවද පොලිසිය පැවැසීය.

ඊට අමතරව ඔහුට විරුද්ධව ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පොලිසිය කියා සිටී.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කුස්සියේ ප්‍රශ්න විසදන හැටි රනිල් කියයි . . .

Sat Nov 19 , 2022
ප්‍රධාන ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කළ හැකි වුවහොත් කුස්සියේ ප්‍රශ්නය විසදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.  ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණය, හිල්ටන් හෝටලය විකිණිය හැකි නම් එම ප්‍රශ්නය විසදිය හැකි බවයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x