ගුරුවරු සිය ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වේ . . .

කතරගම ප්‍රදේශයේ පාසල් 05 ක ගුරුවරු සිය ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. සෙල්ලකතරගම මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පවසමින් එයට විරෝධය පළකිරීම සඳහා මෙලෙස පාසල් 05 ක ගුරුවරු අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව ඇත.

ගුරුවරුන් චෝදනා කරන්නේ තම දරුවාට පහරදුන් බවට මවක් විසින් කළ අසත්‍ය චෝදනාවක් පදනම් කරගනිමින් මෙලෙස අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවටය. එසේම අදාළ චෝදනාවට අදාළ පාසල් සිසුවා මීට පෙර අවස්ථා කිහිපයකදී විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් පාසලේ විනය කමිටුව හමුවේ පරීක්ෂණ සිදුකර ඇති බවද ගුරුවරු පවසයි. ගුරුවරුන් වැඩිදුරටත් පවසන්නේ අදාළ දරුවා දුම්වැටියක් පානය කිරීම මුල්කරගනිමින් ඇතිවූ සිදුවීමක් හේතුවෙන් විනය භාර ආචාර්යවරයා විසින් දරුවාට අවවාද කළ බවය.

මේ අතර ලංකා ගුරු සංගමයේ තණමල්විල කලාපයේ ලේකම්වරයා පැවසුවේ මෙම සිදුවීම මුල්කරගෙන අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමක් සිදුකළහොත් සියලු පාසල් ගුරුවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගන්නා බවය. කෙසේ වෙතත් අදාළ පහරකෑමට ලක්වූ බවට පැවසෙන එම පාසලේ 7 වසරේ ඉගෙනුම ලබන සිසුවා ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජවේ ආර්යා ළමා රෝහළට ඇතුළත් කර ඇත. එසේම අදාළ ගුරුවරයාට සහාය පළකරමින් එම පාසලේ ඉගෙනුම ලබන සෙසු සියලුම දරුවන්ගේ මව්පියන් විශාල පිරිසක් පා ගමනින් කතරගම පොලිස් ස්ථානය වෙත ගොස් තිබේ.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති බවත් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත්ය. ඒ අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ටෙලිකොම් විදේශ ආයෝජකයන්ට විකුණයි . . .

Wed Nov 23 , 2022
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව ලයිකා මොබයිල් සහ අදානි යන සමාගම් සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව රට පුරා හෙට (23දා) සිට දැවැන්ත විරෝධතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x