දළදා මාලිගාවේ විදුලි බිල ගෙවීමට සහනාධාරයක් ඕනේ . . .

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝබර් මාසය සඳහා වන විදුලි බිල ගෙවීමට නොහැකි බව එහි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම් දී තිබේ.

ඔක්තෝබර් මාසය සඳහා මාලිගාවේ විදුලි බිල රුපියල් ලක්ෂ 28ක් පැමිණ ඇති බවත් එනිසා බිල්පත සංශෝධනය කරන ලෙසත් දියවඩන නිලමේවරයා කොමිසමෙන් ඉල්ලා තිබේ. විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මහජන උපයෝගීතාවය සභාපතිවරයාව මෑතක දී මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් සමග ද සාකච්ඡා කර ඇති අතර විදුලි බිල අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවද එහිදී පොරොන්දු වී ඇත. නමුත් දියවඩන නිළමේවරයා සඳහන් කරන්නේ ඉහළ දැමූ ක්‍රමවේදය අනුව බිල්පත මේ වන විට ගණනය කරමින් ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුදේවට සිංහරාජ ගොන්ගල කඳුවැටියෙන් අක්කර 550ක් . . .

Sat Nov 26 , 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් විසිනි සිංහරාජ ගොන්ගල කඳුවැටියෙන් අක්කර පන්සිය පනහකට වඩා වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහන් කරයි. එහි ප්‍රධානී සජීව චාමිකර විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ මෙසේ දැක්වෙයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x