හිරුණිකා පන්නා දමන්නැයි සජිත්ට බලපෑම් . . .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රකාශයකට සමගි ජන බලවේගය තුළම දැඩි විරෝධය මතු වී තිබේ. දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක් වන රනිල් වික‍්‍රමසිංහට එසේ ප්‍රකාශ කිරීම පිළිබඳ එම පක්ෂය තුළ ඇයට විවේචන එල්ල වී ඇත.

මෙම ප්‍රකාශය ඇය විසින් සිදු කලේ සජිත් ප්‍රේමදාස ඉදිරියේදීම නිසා එම කතාව වැරැදි බව සජිත් ප්‍රේමදාස  විසින් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් ද ඔවුන් නො සතුටින් පසුවෙයි. මීළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තම විරෝධය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් තවදුරටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි වනිතා බලවේගයට නායකත්වය නොදිය යුතු බවත් ඔවුන් යෝජනා කර ඇත.

පසුගියදා කඩුවෙල දී පැවති සමගි වනිතා බලවේගය ආසන බල මණ්ඩල හමුවේ දී ඇය කියා සිටියේ රටේ සුරක්ෂිත දෙයකට හංගන්න දෙයක් ඇතිනම් ඒ රනිල් වික්‍රමසිංහගේ බෝල දෙක පමණක් බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිට සිසු පිරිසක් පහරදේ . . .

Sun Dec 11 , 2022
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න එම විශ්ව විද්‍යාලයේ සිසු පිරිසකගේ පහර දීමකින් රෝහල්ගත කර තිබේ. ඔහුගේ පුත්‍රයා ද එම පහරදීමට ලක්ව රෝහල් ගත කර ඇති බව පොලිසිය කියා සිටී. ඊයේ රාත්‍රියේ මහාචාර්ය වරයාගේ නිල නිවස ආසන්නයේ දී මෙම පහරදීම සිදුව ඇත්තේ ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය නවතා තිබු යතුරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x