කාර්‍යාල වේලාවන්වලදී ෆේස්බුක් බැහැ . . .

2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්  සිදුකළා. එනම්, කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව ලේකම්වරයා සඳහන් කළා .

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“විශේෂයෙන්ම තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන් නමුත් උදේ පටන් ගත්තාම ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවසම දුරකථනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා. මොකද මම දැකලා තියෙනවා මම ගිය ගොඩක් ඒවයේ අර ආපූ මිනිස්සු දිහා බල බල කරන පළවෙනි වැඩේ තමයි දුරකථන ඇමතුම් ගන්න එක නැතිනම් ෆේස්බුක් යන එක.

ඒ හින්දා මම දන්නවා පුද්ගලියක අංශයේ අද වෙනකොට එනකොට ජංගම දුරකථනය ලොකර් එකේ දාලා එන්නේ. යනකොට තමයි දුරකථනය දෙන්නේ. ඒ මට්ටමට මේක අරගෙන යන්නේ නැතිව අවශ්‍ය වුණොත් ඒ පියවර ගන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ මෙහෙට විතරක් නෙමෙයි මුළු රජයේ සේවයට. ඒ කියන්නේ ඒක අධික්ෂණය කළයුතු වෙනවා.”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාභය ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි . . .

Mon Jan 2 , 2023
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ගෝඨාභය රාජපක්ෂ දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියි. ඒ  ඔහු ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට යනු ඇතැයි මුලින් වාර්තා වූ නමුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x