ඕල් රවුන්ඩර්, සජිත් ප්‍රේමදාස . . .

තමන් ක්‍රීඩාවන් කිහිපයක් සඳහා ඕල් රවුන්ඩර් කෙනෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. ක්‍රිකට්, පාපන්දු, ඇමරිකන් පුට්බෝල්, බාස්කට් බෝල් ආදී ක්‍රීඩා තමන්ට ක්‍රීඩා කළ හැකි බවද හෙතෙම කියා සිටියි.

තමන් යම් අධ්‍යාපනයක් ලබා ඇති බවද පැවසූ ඔහු ලෝකේ ඕනෑම නායකයෙක් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර ඔහුගේ හිත නම්මාගෙන අපේ රටට සම්පත් ලබා ගැනීමේ හැකියාව ද තමන්ට ඇතැයි ද පැවසීය.

අපේ රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒමේ වැඩපිළිවෙල තමන් සතු බවද පැවසූ ඔහු ඒ සඳහා අවස්ථාව දෙන්නේදැයි ජනතාව තීන්දු කල යුතු බවද කියා සිටියේය.

සමගි ජන බලවේගයේ ආසන බලමන්ඩලයක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොවිඩ් නව රැල්ලෙන් බේරීමට මාස්ක් පළඳින්න . . .

Mon Jan 16 , 2023
කොවිඩ් නව රැල්ලෙන් බේරීම සඳහා නැවතත් සියලුදෙනා මුව ආවරණ පැළඳීම ඇතුලු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවැසීය. මේ වනවිට චීනය ඇතුළු රටවල් කීපයකම කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවද ඔහු කීය. මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය අන්වර් හම්දානි මෙසේද කියා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x