මැතිවරණ අපේක්‍ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීමේ සූදානමක් . . .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බවයි.

එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මෙම අදහස් පළකළේය.

“මේ සාකච්ඡාවේදී ඒ අය ඉල්ලීම් කළා ඉන්ධන කෝටාව වැඩිකිරීමට. ඒකේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොහොතේදී ඉන්ධන මිලදී ගැනීමට අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් මිලදී ගැනීමට ලංකාවේ මුදල් අවශ්‍ය වෙනවා. අපිට මේ මොහොතේ අවශ්‍ය රුපියල් ටික නැහැ මීට වඩා තෙල් මිලදීගැනීම සඳහා. ඒ හින්දා අපි ඉතාමත් පැහැදිළිවම ඒ ගැන දැනුවත්කළා.”

ප්‍රශ්නය – අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීමේ සූදානමක් තියෙනවාද ?

“එහෙම ඉල්ලීම් තියෙනවා නමුත් ඒ ගැන අපි තීරණයක් අරගෙන නැහැ. ශ්‍රී ලංකාවේ තෙල් ඉල්ලීම 40%කින් විතර පහළ බැහැලා තියෙනවා. ඒ ඉල්ලීමට සරිලන මුදල් තමයි අපි සපයා ගන්නේ. නැවත මේක වැඩිකරනවානම් රුපියල් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රායෝගික ප්‍රශ්න ටික තේරුම් ගනියි කියලා.”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආදර්ශා රටින් පැන්නාද? ආශු පැන යාමට පෙර ස්ථාලය වසනු !

Tue Jan 24 , 2023
ආශු මාරසිංහගේ ස්කිල් ඩෙවෙලොප්මෙන්ට් ඒජන්සිය ජපානයට වීසා ලබා දෙන මුවාවෙන් සිදුකොට ඇති වංචාව බිලියන 2 කට ආසන්නය. එහි දල සටහනක් පහත පරිදිය. අයෙකුගෙන් ලක්ෂ 1.5 බැගින්, සාත්තු සේවක වෘත්තිය සඳහා  පුද්ගලයන්-  866 අයෙකුගෙන් ලක්ෂ 2 බැගින්, ආහාර සේවා වෘත්තිය සඳහා පුද්ගලයන්-  660 අයෙකුගෙන් ලක්ෂ 3 බැගින් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්-  15 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x