බදු පිළිවෙතට එරෙහිව ආයතන රැසක විරෝධතා . . .

රාජ්‍ය බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රාජ්‍ය, සංස්ථා හා මණ්ඩලවල සේවක සේවිකාවන් විශාල පිරිසක් ඊයේ (ජන. 25) රටපුරා උද්ඝෝෂණයක නිරත වූහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන් ද කළු කොඩි ඔසවා විරෝධය පළ කළ අවස්ථාවේ පොලිසිය පැමිණ එම කළු කොඩි ගලවා ඉවත් කිරීමෙන් පසු බැංකු සේවකයන් පොලිසිය වෙතින් එම කොඩි ලබාගෙන ආපසු එම කොඩි එසවූහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු වෘත්තීය සමිති රැසක් ප්‍රකාශ කර ඇති ‘කළු සතිය’ යටතේ කළු පටි ගැට ගසා ගෙන තම සේවා ස්ථාන ඉදිරිපිට බදු ප්‍රතිපත්තියට විරුද්ධව උද්ඝෝෂණය කළහ.

ලංකා ඛනිජතෙල් සංස්ථා සේවකයන්, නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය, සබරගමුව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බදුල්ල ශාඛාවේ සේවකයන්, කොළඹ ජාතික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු බදු පනතට විරෝධය දක්වමින් උද්ඝෝෂණයට එක්ව සිටියහ.

  • ජේ.ටී. ද සිල්වා, බලංගොඩ – නලින්ද වලේබොඩ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ . . .

Thu Jan 26 , 2023
2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ ප්‍රතිඵල ලබා ගත හැකි බව ය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x