ශ්‍රී ලංකාවේ ලූෂන් සිව්වන ස්ථානයට . . .

2023 ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ආර්නෝල්ඩ් ක්ලැසික් ආධුනික කායවර්ධන ශූරතාවලියේදී නැවතත් ලොව සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත් විය. 

ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ කොලොම්බස් නුවර පැවති මෙම තරගාවලිය සඳහා ලුෂන්, “සුපර් හෙවිවේට්” කාණ්ඩයෙන් තරග වැදුණි. පසුගිය වසරේ එනම් 2022,වසරේදී පැවැති මෙම ලෝක තරගාවලියේද 4 වැනි ස්ථානය ලූෂන්ට හිමිවිය.

“ආර්නෝල්ඩ් ස්පෝර්ස්ට්ස් ෆෙස්ටිවල්” යනු ලොව විශාලතම බහු-ක්‍රීඩා කායවර්ධන ඉසව්වලින් එකක් වන අතර, ඒ සඳහා රටවල් 80කට වැඩි ගණනක් නියෝජනය කරමින් 10,000කට අධික තරගකරුවන් පිරිසක් කොලොම්බස් නුවර මෙම තරගාවලිය සඳහා සහභාගී වේ.

මෙම කායවර්ධන තරගාවලියේ 35 වැනි අදියර මෙවර ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලාංකිකයින්ට ඉතාලියේ රැකියා අවස්ථාවක් . . .

Tue Mar 7 , 2023
ඉතාලි රාජ්‍යයේ රැකියා සඳහා යුරෝපීය නොවන රටවලින් සේවකයින් බඳවාගැනීමට 2023 මාර්තු 27 වැනිදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු සූදානම් කර ඇති බව ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු දැනුම් දී ඇත. කාලීන රැකියා , කාලීන නොවන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x