අදින් අරඹන වැඩ වර්ජන . . .

අද (09) සිට, රජය හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබේ.

එනම් මෙහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරනවා. මේ අතර, ලබන 13 වන දිනෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වර්ජන ක්‍රියාමාර්ග සඳහා සහාය පළ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.

කෙසේ වෙතත් වර්ජන ක්‍රියාමාර්ගවලට යොමුවීම තුළින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ පවසයි. ඔහු පෙන්වාදෙන්නේ වෘත්තිය සමිති මෙන්ම රජය ද පවතින තත්ත්වය හමුවේ වගකීම් සහගතව කටයුතු කළ යුතු බවය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකු අධිපතිගෙන් සුබ ආරංචියක් . . .

Thu Mar 9 , 2023
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කලේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවයි. ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවය. එමෙන්ම ඔහු සදහන් කලේ, ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x