බිත්තර පවුඩර් සහ දියර බිත්තර ආනයනය සොයා බලයි . . .

එළඹෙන උත්සව සමය වෙනුවෙන් බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් සැපයුමක් ලබා දීම සදහා බිත්තර පවුඩර් සහ දියර බිත්තර ආනයනය කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා සාකච්ඡාවක් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මේ වන විට වෙළෙඳපළට බිත්තර පවුඩර් හා දියර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ආනයනික බදු සැළකිය යුතු ප්‍රමාණයක් පවතින අතර එම බදු ප්‍රමාණයන් අවම කර ගැනීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමටද අමාත්‍යවරයා අමාතයාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ වන විට තිරිඟු පිටි මිළ ගණන් අවම වීම හේතුවෙන් පාන් මිල අඩු කර ඇති අතර පාන් ගෙඩියක නිසි බර ප්‍රමාණය පිළිබදව පරීක්ෂා කිරීම සඳහා ඒ පිළිබදව වගකීම භාර ආයතනය වන කිරුම් මිණුම් ආයතනය හරහා ඉදිරියේදී අවශ්‍ය නෛතික කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් අයි.එම්.පී.එම්.බී අතපත්තු, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් හා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ගිල්මා දහනායක, වෙ‍ෙළඳ අමාත්‍යාංශ අධ්‍යක්ෂ කුමුදු මීගහතැන්න, සමස්ත ලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන ඇතුළු ලංකාවේ ප්‍රමුඛ පෙළේ බේකරි නිෂ්පාදන සංගම් නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

– Media unit

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දමිතාට ගහන්න ගිහිල්ලා හඳුන්නෙත්තිට ආපු රිටර්න් එක . . .

Fri Mar 10 , 2023
පසුගිය දිනෙක ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුුන්නෙත්ති විසින් දමිතා අබේරත්න සජබ වේදිකාවට ගොඩවීම පිළිබදව බරපතළ චෝදනාවක් කළේය. එහිදී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ දමිතා මුදලට සජබ වේදිකාවට නැග ඇති බවය. ඊට අද දිනයේ දමිතා අබේරත්න saප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x