ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් හමු වෙයි . . .

පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ දි ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවට ලද තොරතුරක් මත ය.

එහිදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 700ක් සමග ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිත කළ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේ ය. අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් එලියට . . .

Fri Mar 10 , 2023
විශ්‍රාම වැටුපක් ලබන, විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ සහ කරුණාදාස කොඩිතුවක්කු  විසින් එම නාමලේඛනය ඉල්ලා තිබුණි. එම නාමලේඛනය මෙතනින්..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x