දේශීය සංචාරකයන්ට තහනම් නිදහස් චතුරශ්‍රය . . .

කොළඹ 7, පිහිටි නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය දේශීය සංචාරකයන්ට අද (14) දිනයේ ඇතුළත්වීම තහනම් කර ඇති බවත් විදේශ සංචාරකයන්ට පමණක් ඇතුළත් වියහැකි බවත් පොලිසිය අද (14) පස්වරුවේ පැවසීය.  

දේශීය සංචාරකයන් අද දිනයේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ඇතුල්වීමට නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවසරය ගතයුතු බව කී පොලිසිය එසේ නොමැතිව ශ්‍රී ලාංකිකයන් කිසිවෙක්ට අද දිනයේ නිදහස් චතුරශ්‍රයට ඇතුල්වීමට අවස්ථාව නොලැබුණු බව ද සඳහන් කළේය. නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය සහ ඒ අවට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්‍ෂාවක් යොදා තිබේ.

  • යොහාන් භාසුර සහ ලහිරු හර්ෂණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙට වර්ජනයට පෞද්ගලික බස් නෑ . . .

Tue Mar 14 , 2023
හෙට (15) දිනයේ සිදුකිරීමට නියමිත වැඩ වර්ජනයට පෞද්ගලික බස් රථ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ හෙට දිනයේදී මහජනතාවගේ ගමනාගමන කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොවන බවයි. එම සේවා පවත්වාගෙන යාමට බස්රථ ප්‍රමාණවත් නොමැති නම් අතිරේක බස් රථ යෙදවීමට පියවර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x