හිටපු නාවික හමුදාපතිගේ නිවසට හොරු පනී . . .

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ රාගම පිහිටි නිවසේ සොරකමක් වී තිබේ.

එම නිවසේ තිබූ රන් ආලේපිත අනුරුවක් සහ ඔහුට පකිස්තානයෙන් ලැබි තිබූ තිබූ සිහිවටනයක් සොරාගෙන ගිය බව කිය නාවික හමුදා භටයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු කර ඇත. සැකකාර නාවික සෙබළා හිටපු නාවික හමුදාපතිවරයාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි අයෙකි.

මෙම සැකකරු සොරකම් කරන ලද භාණ්ඩ රැගෙන යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දෙව්රම් වෙහෙරෙන් විවාහ මංගල උත්සව ශාලාවක් නොමිලේ . . .

Fri Mar 17 , 2023
විවාහ මංගල උත්සව සඳහා නොමිලේ ලබාදීම සඳහා විවාහ මංගල උත්සව ශාලාවක් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථානයේ ඉදි කර තිබේ. කොලොන්නාවේ සුමංගල නාහිමියන් සඳහන් කරන්නේ විවාහ උත්සව සිදු කරන පෝරුවේ චාරිත්‍ර සෙත් පිරිත් සජ්ඣායනා හා අනෙකුත් සිරිත් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් වලින් එම ශාලාව සමන්විත වන බවයි. ආර්ථික ශක්තියක් නොමැති කම නිසා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x