IOC සමාගමට ලංකාවම බිලි දෙයි

රට තුළ ඉතා බරපතළ ඉන්ධන අර්බුදයක් ඇති වීමට ඉඩ හැර ඉන්දියාවෙන් ලබා ගන්නා ණය මත රටේ බලශක්ති ස්වාධීනත්වය පාවාදීමේ තවත් පියවරක් ලෙස ඉන්දීය ඔයිල් සමාගමට (IOC) අලුතින් පිරවුම්හල් 50් ලබාදී ඇත.

මෙයට අදාළව ආණ්ඩුව විසින් සියලු කටයුතු සම්පූර්ණ කර දී ඇති අතර අලුත් පිරවුම්හල් ආරම්භ කිරීමේ අවසරය ලැබුණු බවට දැනුම්දීමේ ලිපියක් ඉන්දියන් ඔයිල් සමාගම විසින් මේ වනවිට කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධනට යවා තිබේ.

ඉන්දීය ඔයිල් සමාගමට අලුතින් පිරවුම්හල් ලබාදීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් මේ දක්වා අනාවරණය වී නොමැති අතර විදුලි බල හා බලශක්ති ඇමතිවරයා විසින් නව පිරවුම් හල් ආරම්භ කිරීමට අනුමැතිව ලබාදී ඇති බව එම ලිපියෙන් හෙළිවේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භූමිතෙල් මිල සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවේ . . .

Wed Aug 10 , 2022
මේ මස 19 දා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ භූමිතෙල් මිල සංශෝධනය කිරීමටත් රජයේ අවධානය යොමුවී ඇති බවය. “පසුගිය මාසයේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමිතෙල් නිෂ්පාදනය නැතිවුණා. ඒ නිසා පසුගිය සති 4 ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x