අවිධිමත් පෙළපොත් මුද්‍රණයෙන් රජයට කෝටි 9ක පාඩුක් . . .

වාර්ෂික පෙළ පොත් අවශ්‍යතාව නිවැරදිව හඳුනා නොගෙන පෙළ පොත් මුද්‍රණය කිරීම සහ අවිධිමත්ව ගබඩා කිරීමෙන් රජයට රුපියල් කෝටි 9කට අධික මුදලක පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවක් හෙළි කර තිබේ.

ජාතික විගණන කාර්යාලය මෙම වාර්තාව සකස් කර ඇත්තේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2018 සිට 2021 දක්වා කාලය තුළ නිකුත් කළ වාර්ෂික වාර්තා පදනම් කර ගනිමිනි.

පෞද්ගලික මුද්‍රණ ආයතන මගින්, රජයේ මුද්‍රණාලය මගින් ලැබිය යුතු පෙළපොත් පිටපත් ලක්ෂ 05 කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිදි ලබා ගැනීමට ද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බව  අදාළ විගණන වාර්තාවේ දක්වා තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මියගිය අයට සිම්පත් නිකුත් කිරීම තහනම් . . .

Sat Mar 18 , 2023
මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම්දී තිබෙනවා. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා කියා සිටියේ, මියගිය පුද්ගලයන්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම මාසයකට වරක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x