වට්ස්ඇප් අලුත් වෙයි . . .

WhatsApp සමාජ මධ්‍යය සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ව්ට්ස්ඇප් සමුහ ඇඩ්මින්වරුන්ට එමගින් විශේෂ පහසුකමක් ලබාදීමට Meta සමාගම විසින් පියවර ගෙන ඇත්තේ.

WhatsApp සමුහයන් (Group) භාවිතා කිරීමේදී එහි සිටින පරිශීලකයින් විසින් භාවිතා කරන පොදු වට්ස්ඇප් සමුහයන් පිලිබඳ වන තොරතුරු ඒ අනුව සමුහ පාලක ඇඩ්මින්වරුන්ට දැන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මේ අතර WhatsApp විසින් මෑතකදී සිය පරිශීලකයින්හට ඔවුන්ගේ හඬ ඔස්සේ “ස්ටේටස්” පළ කිරීමට ඉඩ සලසා ලබාදී ඇත.

සමූහ ඇඩ්මින්වරුන්ට වැඩි පාලනයක් ලබා දෙන මෙම WhatsApp හි නව විශේෂාංගය අනුව වට්ස්ඇප් සමුහ ආරාධනා සබැඳියන් (Request) හරහා ඇඩ්මින්වරුන්ට පරිශීලකයින්ගේ සියලුම ඉල්ලීම් එක තැනකින් පාලනය කිරීමට හැකිවන අතර එමගින් ඇඩ්මින්වරුන්ට අවශ්‍ය පරිශීලකයින්ට පමණක් සමුහයන් සඳහා ප්‍රවේශ වීමට අවසරය ලබාදීමට හැකිය.

මේ සමඟම, WhatsApp විසින් පහසු විශේෂාංගයක් හරහා පරිශීලකයින්ට ඔවුන් භාවිතා කරනු ලබන පොදු සමුහයන් කුමක්ද යන්න පිළිබඳව තොරතුරු ලබාගත හැකිවේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් . . .

Thu Mar 23 , 2023
සාපරාධී අපහාස නඩුවකට ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ. කෙසේ වෙතත් ඔහුට ඇප නියම වූ අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා ඔහුගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භාරතීය ජනතා පක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x