සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් . . .

සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යන බවට වන ව්‍යාජ පුවත් මවමින් රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආරම්භ කර ඇති බවත් එක් මන්ත්‍රීවරයෙක්ම ලක්ෂ 2000ක් ලබා දී මුදලට බා ගැනීමේ උත්සාහයක නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට හදන්න මුදල් නැති මේ රජය මන්ත්‍රීවරු මුදලට බා ගන්න උත්සාහ කළත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිදු මුදලක් නැතිව විපක්ෂයට එන්න සූදානම් බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිසිදු අවස්ථාවක මුදලට තම ආත්ම ගරුත්වය පාවා නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2020 මේ රටේ ජනතාව මාස 6ක් වයසැති සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 54ක් ලබා දී මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට උපකාරී කළ බවත් එබැවින් ලක්ෂ 2000ක් හෝ ඊට වැඩි ගාණක් දුන්නත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තම ආත්මගරුත්වය වරප්‍රසාද හෝ වරදානවලට පාවා නෙදෙන බවත් ඔවුන් ජනතාවට කිසිදින ද්‍රෝහී නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එබැවින් තමා ආණ්ඩුවට අභියෝග කරන්නේ ලක්ෂ 2000 නොවේ කෝටි 50000කට හෝ පුලුවන් නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු තම පැත්තට අරන් පෙන්වන ලෙසත් එවැනි ජනතාවට ද්‍රෝහී වන මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ සදහා මුදල් ලෙස යොදා ගන්නේ කළු සල්ලි සහ පැන්ඩෝරා පත්‍රිකා මුදල් බවත් ඒ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය. මේ ආණඩුව හැම අතකින්ම ජනතාවට පන්න පන්න පහර දෙන බවත් විදුලි බිල වැඩි කරමින් බදු වැඩි කරමින් පොලි අනුපාත වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඊට අමතරව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්  මැතිවරණය කඩාකප්පල් කරමින් සිටින බවත් ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීම් නව පනතක් ගෙනවිත් වෘත්තීය සමිති සමිති නායකයන් විශ්වවිද්‍යාල සිසුන් සහ පොදු ජනතාව ත්‍රස්තවාදීන් ලෙස හැදින්වීමට උත්සාහ ගන්නා බවත් පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ දෙහිවල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැඩිම පාඩු ලබන ආයතන තුන . . .

Sun Apr 2 , 2023
ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ මුල් මාස අටේදී පමණක්  රුපියල් කෝටි අසූ පන් දහස් හාර සීයකට වැඩි  දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි  ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය. රාජ්‍ය ආයතනවල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x