ජැක්සන් ඇන්තනීට මොකද වෙන්නේ . . .

හදිසි අනතුරකට ලක්ව වසරකට ආසන්න කාලයක් ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් සමාජයෙන් නම් එල්ල වෙන්නේ දැඩි විරෝධයක්. ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් නම් පවසන්නේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ගැඹුරු සායනික පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.

ජැක්සන් ඇන්තනී ගේ පාර්ශ්වය වෙනුවෙන් ප‍්‍රවීණ සිනමාවේදී සෝමරත්න දිසානායක විසින් බරපතළ චෝදනාවක් එල්ල කර ඇති බවත් එය සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය වෙනුවෙන් වැඩි බරක් තබා විභාගයට ගත යුතු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඔහු අවධාරණය කරන්නේ, අනතුරින් පසු ජැක්සන් ඇන්තනි ට සිදුකළ පළමු සැත්කමෙන් අනතුරුව තමන් හා කතා කළ බවත් ඉන් පසුව කල දෙවැනි ශල්‍යකර්මයෙන් නිසා ඔහුට ආබාධයක් පැමිණි බවටත් එල්ල කරන චෝදනාව බරපතළ බවයි.

ඔහු මෙම අදහස් පළ කර ඇති youtube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

වැඩි විස්තර පහත වීඩියෝවෙන්,

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගීයේ අර්ධ සුඛෝපභෝගී බස් ධාවනයට අවසර ඉල්ලයි . . .

Wed Apr 19 , 2023
අධිවේගී මාර්ගවල  අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය. මගීන්ට සහනදායි ගාස්තු ක්‍රමයක් යටතේ අධිවේගී මාර්ග වල ගමන් කිරීමට ඉන් හැකියාව ලැබෙන බවත් ඔහු පැවසීය. අධි සුඛෝපභෝගී බස්රථ මිලදී ගැනීමට වෙළඳපොලේ හැකියාවක් නොමැති බැවින් ඒ පිළිබඳවත් සැලකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගවල අර්ධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x