පෙබරවාරි තෙක් මහ වැසි . . .

මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය ලබන වසරේ පෙබරවාරි දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

ඊසාන දිග මෝසම් ප්‍රවාහය නැවතත් දිවයින දෙසට ඇදී ඒම නිසා දිවයිනට කඩින් කඩ වැසි ඇතිවන අතර සුළං ප්‍රවාහය නැගෙනහිර දිසාවෙන් ජල වාෂ්ප ප්‍රවාහය වලාකුළු අතර වැඩියෙන් රැඳීම හේතුකොට ගෙන අඩු වැඩි වන වැසි සවස් කාලයේ හා අනෙකුත් ප්‍රදේශවල වැසි ප්‍රවාහයේ වෙනස්වීම් මත සිදුවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්ව ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (දෙසැ. 11) ප.ව. 1:00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

ඒ අනුව බදුල්ල, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ නිවේදන නිකුත් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බිත්තර මිල ඉහළට . . .

Mon Dec 11 , 2023
වෙළෙඳපොළේ රුපියල් 35-42 දක්වා මිලකට අලෙවි වූ බිත්තරයක් පසුගිය සති අන්තයේ සිට රුපියල් 52කට වඩා වැඩි අගයකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා නගති. ලබන වසරේ සිට බිත්තර ආනයනය නතර කරන බවට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගිය දා පාර්ලිමේන්තුවේ කළ කතාවත් සමග උත්සව සමයට තවත් සති දෙකකටත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x