එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයින් 250,000කට පමණි. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාවට සමාන බවය. මේ අතර විදෙස් රටවලින් පැමිණෙන […]

පොලිස් දෙපාර්තමේන්තුවේ එක්ලක්ෂ පන්දහසක පමණ නිලධාරීන් සංචිතයක් සිටිය යුතු නමුත් දැන් සිටින්නේ අසූදහසකටත් අඩු නිලධාරීන් පිරිසකි. ඒ පොලිස් සේවය සඳහා නිසි බඳවාගැනීම් නොකිරීම හා උසස් නිලධාරීන්ගේ කෙනෙහිලිකම් උහුලාගත නොහැකිව බොහෝ නිලධාරීන් සේවය අත්හැර යන පසුබිමකය. මහමග රාජකාරී කරන රථවාහන කොස්තාපල්වරයාගේ පටන් ඉහළම නිලධාරීන් දක්වා අනිසි බලපෑම් නිරන්තරයෙන් සිදුවන බව කවුරුත් […]

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක විසින් හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳව පැවැත් වූ මාධ්‍ය හමුවක දී කියා සිටියේ විදුලි බිඳ වැටීමේ පාඩුව රු. බිලියන 10ක් පමණ වන බවයි. එසේම ඔහු එහිදි පවසා සිටියේ හෙණේ ගහලා තියෙන්නේ බියගමට නෙමෙයි ලංකාවටම බවයි. මෙවන් විදුලි බිඳ වැටීමක් පිළිබඳව ගත යුතු […]

ඊයේ (10) බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට තාවකාලිකව ඉදිකර තිබූ පුවරුවක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනට බාධා එල්ල විය. ඒ අනුව බොරැල්ලේ සිට තුන් මුල්ල දක්වා වාහන ගමන් කිරීමට නොහැකිව මිනිත්තු තිහක පමණ කාලයක් මාර්ගය අවහිර වී ඇති බව ගගන අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා. නමුත් […]

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක (ආවරණ) එන්. වී. ටී. ධම්මික නම් පුද්ගලයකු සකස් කරන ලද විගණන වාර්තාවක් සභාගත කර ඇති බවත් එම විගණන වාර්තාවේ සදහන් සියලු තොරතුරු විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ බිරිඳට මඩ ගැසීමේ අරමුනින් රජය විසින් සකස් කරන ලද්දක් බවත් ඒ සඳහා සාක්ෂි සහිත බවත් විපක්ෂ නායක සජිත් […]

පසුගිය දින කිහිපය පුරා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පාසල් ළමුන් ඉලක්ක කර මත් පෙති හා කරල් විකුණන ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳ තොරතුරු සොයාබැලීමේ දී අනාවරණය වන්නේ වැඩි වශයෙන් කොළඹින් දුර බැහැර අනුරාධපුර ආදී නගරවල මත් පෙති හා මත්කරල් ජාවාරමට වැඩි වශයෙන් පාසල් සිසු සිසුවියන් ඇබ්බැහි වී […]

වෙළෙඳපොළේ රුපියල් 35-42 දක්වා මිලකට අලෙවි වූ බිත්තරයක් පසුගිය සති අන්තයේ සිට රුපියල් 52කට වඩා වැඩි අගයකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා නගති. ලබන වසරේ සිට බිත්තර ආනයනය නතර කරන බවට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගිය දා පාර්ලිමේන්තුවේ කළ කතාවත් සමග උත්සව සමයට තවත් සති දෙකකටත් […]

මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය ලබන වසරේ පෙබරවාරි දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. ඊසාන දිග මෝසම් ප්‍රවාහය නැවතත් දිවයින දෙසට ඇදී ඒම නිසා දිවයිනට කඩින් කඩ වැසි ඇතිවන අතර සුළං ප්‍රවාහය නැගෙනහිර දිසාවෙන් ජල වාෂ්ප ප්‍රවාහය වලාකුළු අතර වැඩියෙන් රැඳීම හේතුකොට ගෙන අඩු වැඩි […]

තමන් කැනඩාවේ ක්‍රිකට් පුහුණු පාසලක් සඳහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තම සේවය අනවශ්‍ය නම් බවට පෙන්නුම් කරන නිසා තමන් මෙම තීන්දුව ගත් බවද හෙතෙම පැවසීය. හිටපු අමාත්‍යවරයා තමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කළ ද පැය 24 […]

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියම කර ඇති රුහුණු කතරගම ප්‍රධාන දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි. පාතාල නායක අංගොඩ ලොක්කා විසින් කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටිය අතුරුදහන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.