දෙවියන් තනිකර කතරගම මහ කපුවා පලා යයි . . .

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියම කර ඇති රුහුණු කතරගම ප්‍රධාන දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.

පාතාල නායක අංගොඩ ලොක්කා විසින් කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටිය අතුරුදහන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

මොවුන් දෙදෙනාම දකුණු පළාතෙන් පිටව ගොස් වෙනත් පළාතක ආරක්ෂකව සිටින බවත් දේශපාලන සහාය මැද නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බවත් දේවාලයේ වෙනත් කපුවෙකු දන්වා ඇත.

මේ අතර මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කතරගම දේවාලයට පැමිණි අවස්ථාවේද ප්‍රධාන කපුවා එම අවස්ථාවට සහභාගි වී නැත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අර්ජුන කලකිරී කැනඩාවට ක‍්‍රිකට් පුරුදු කරන්න යයි . . .

Mon Dec 11 , 2023
තමන් කැනඩාවේ ක්‍රිකට් පුහුණු පාසලක් සඳහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තම සේවය අනවශ්‍ය නම් බවට පෙන්නුම් කරන නිසා තමන් මෙම තීන්දුව ගත් බවද හෙතෙම පැවසීය. හිටපු අමාත්‍යවරයා තමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කළ ද පැය 24 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x