පානදුර ආරක්ෂාව තර කරයි . . .

පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් තුනක ආරක්ෂාව තරකර තිබෙනවා. ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ.

පානදුර පොලිස් වසමේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 3ක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි මෙලෙස ආරක්ෂාව තරකර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ පොලිස් ජංගම සේවා රථ යොදා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සමලිංගික නීතියට ජනමත විමසීමක් ඉල්ලයි . . .

Thu Apr 20 , 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x