විදුලි ගාස්තු යළිත් ඉහළට . . .

අද (ඔක්. 20) සිට විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු ඉහළ යන ආකාරය පහතින් දැක්වේ.

ඒකක 0 – 30 – රු.150 සිට රු. 180

ඒකක 31 – 60 – රු. 300 සිට රු. 360

ඒකක 61 – 90 – රු. 400 සිට රු. 480

ඒකක 91 – 120 – රු. 1,000 සිට රු. 1,180

ඒකක 121 – 180 – රු. 1,500 සිට රු. 1,770

ඒකක 180 කට වැඩි – රු. 2000 සිට රු. 2,360ක් දක්වා ඉහළ යනු ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය ලබන අලාභය අනුව, විදුලි මිල ගාස්තු වැඩි වීම සිදු විය යුත්තේ සියයට 18කින් බව ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පැවති මහජන සැසියට එක් වෙමින් පෙරේදා (1ඔක්. 8) පැවසීය.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය පෙබරවාරි 15දා ලැබුණු අතර එහිදී 66%කින් විදුලි ගාස්තු ඉහළ දැමිණි.

ලංකා විදුලි බල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමතියකට අනුව, මෙම විදුලි ගාස්තු ඉහළ නංවනු ලැබී ය.

එසේ ම, දෙවන විදුලි ගාස්තු සංශෝධනය ඉකුත් ජූලි මස 1 වන දා සිට බලාත්මක විය.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිපෙට්කෝ අලෙවිය කඩා වැටේ . . .

Fri Oct 20 , 2023
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අලෙවිය මේ වන විට 20% කින් පහළ ගොස් ඇති බව තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි. විදෙස් සමාගම් වලට මෙරට ඉන්ධන වෙළෙඳපොළ විවෘත කල පසු එක් සමාගමක් ඉන්ධන ලීටරයක මිල රුපියල් හතකින් අඩු කර අලෙවි කරන නිසා මෙම තත්ත්වය ඇති වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x