ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක . . .

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉතාම අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි රතුකුරුස සංවිධානය සඳහන් කරයි. එම සංවිධානය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ වෛද්‍ය උපාංග හිඟය සහ විදුලි කප්පාදුව මත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් ඇති වී තිබෙන බවයි.

මෙම තත්ත්වය මත හදිසි මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන්ට ද බලපෑම් එල්ල වී ඇති බවද වාර්තාවේ දැක්වෙයි. වෛද්‍ය උපාංග හිඟය හේතුවෙන් ඇතැම් සාමාන්‍ය ශල්‍යකර්ම පවා අවලංගු කර ඇති බවත් රුධිර පාරවිලයන සේවාවට ද බාධා එල්ල වී ඇති බවත් සංවිධානය කියා සිටී.

මෙම තත්වය වඩාත් දරුණු බවට පත්ව ඇත්තේ වතුකරයේ ජනතාවට බවත් ඔවුනට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම ඉතාම අපහසු වී ඇති බවත් සංවිධානය නිකුත් කළ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොදුජන පෙරමුණේ ජන හමුව හෙට ආරච්චිකට්ටුවේදී . . .

Wed Oct 26 , 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන රැළි මාලාවේ මීලග ජන හමුව පුත්තලම ආරච්චිකට්ටුවේ දී පැවැත්වීමට නියමිත තිබේ. හෙට දිනයේ (27) එය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. මෙම ජනහමුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත විසින් සංවිධානය කරන අතර එය තේමා කරගෙන ඇත්තේ ‘අලු මතින් නැගිටිමු’ යනුවෙනි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x