වැට් එකෙන් රිංගන වෙළෙන්දන්ට වැට බඳී . . .

වැට් බදු වැඩිකිරීමත් සමග වෙළෙන්දන්ට සිය සිතැඟි පරිදි භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ දැමීම වැළැක්වීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවත්, පාරිභෝගිකයාට ලබාදෙන බිල්පත තුළ අනිවාර්යයෙන්ම වැට්බද්ද සටහන්විය යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවසීය.

වැට් බදු වැඩිකිරීමත් සමග භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවත්, පාරිභෝගිකයාට ලබාදෙන බිල්පත තුළ අනිවාර්යයෙන්ම වැට්බද්ද සටහන්විය යුතු බවත්, එසේ නොවුණහොත් එය වෙළෙන්දාගේ ලාභය බවට පරිවර්තනය වන බවත්, ඒ පිළිබඳවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් ඇමැතිවරයා කීවේය.

මේ වසරේ දෙවන කාර්තුව වනවිට බදු දැල පුළුල් කිරීම කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමුකර ඇතැයිද ඔහු කීවේය.

“ස්ථාවර රටකට සැවොම එක මගකට“මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (01 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම බදු නීතිය සංශෝධනය කිරීමට කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා කීවේය.

බදු ගෙවිය යුතු සියලු දෙනා බදු දැළ තුළට පැමිණීම සේම බදු ගෙවීම නිසියාකාරව සිදුකිරීමත් වැදගත් බවත්, 2019 වසරේදී ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව මිලියන 1.7 ක් වූ බවත්, එම සංඛ්‍යාව 2021 වසරේදී 507,000 කටද, 2022 වසරේදී 437,500 දක්වා අඩුවූ බවත් ඇමැතිවරයා කීවේය.

මේ වනවිට ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව මිලියනයකට වැඩි ප්‍රමාණයක් දක්වා වැඩිකර ගැනීමට හැකියාව ලැබී ඇති නමුත්, එය ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය.

වැට් බදු සංශෝධනය සමග සියයට 2 ත් 2.5 ක උද්ධමනයේ වැඩිවීමක් ඇතිවන බවද ඔහු කීවේය. එමෙන්ම, මේ වසරේදී සියයට 1.8 ක ආර්ථික වර්ධන වේගයක් සිදුවෙතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා යම් පීඩාවකට පත්වූ ජන කොට්ඨාසයක් රට තුළ සිටින බවත්, කඩා වැටුණු ආර්ථිකයක් යළි ප්‍රතිසංස්කරණය කිරීමේදී ජනතාවට ආර්ථික පීඩනයක් සිදුවන බවත් ඇමැතිවරයා කීවේය.

ඉකුත් 2022 වසරේදී ඍණ 10 ඉක්මවූ ආර්ථිකයේ සංකෝචනය 2023 වසරේදී දළ වශයෙන් ඍණ තුනක හෝ ඊට වඩා හොඳ අගයක් දක්වා ළඟා කරගත හැකිවෙතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

මහා භාණ්ඩාගාරය විසින් ගෙවිය යුතු බිල්පත් සියල්ල දෙසැම්බර් මස 15 වැනිදා වනවිට ගෙවා අවසන් බවත්, ඒ අනුව බිලියන 350 ක හිඟ බිල්පත් ගෙවා අවසන් බවද ඇමැතිවරයා කීවේය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉම්රාන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරයි . . .

Tue Jan 2 , 2024
පාකිස්තානයේ එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනාව එරට මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනට බන්ධනාගාරගත වී සිටින ඉම්රාන් ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා සිය නීතිඥවරයා මාර්ගයෙන් නාමයෝජනා භාර දී ඇති අතර, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x